70 🌹

1.4K 208 120
                                    

ගස්සගෙන එළියට යන ටෙරාන් දිහා බලන් හිටිය අභිත් ටෙරාන් අඹරවල ගිය ඇගිලි ටික හිමින් සැරේ අතගාගත්තා. ටික වෙලාවක් අරගෙන ජනිත්ගේ Table එක අස් කරලා එයාට ඕන විදියට හදාගත්ත අභිත් ටෙරාන්ව හොයාගෙන office එකෙන් එළියට ආවා. Dinning area එකේ , shop එකේ දෙකේම ටෙරාන් හිටියේ නැති නිසා අභිත් kitchen එක පැත්තට ඇවිදගෙන ගියා.

මේසයක් උඩ වාඩිවෙලා Kitchen එකේ වැඩ කරන අයත් එක්ක කියවන ගමන් තම්බපු අලගෙඩියක් එක්ක චීස් කැල්ලක් කප් එකකට දාගෙන කකා හිටිය ටෙරාන් අභිත් kitchen එකට එනවා දැක්ක ගමන් අභිත්ට ඔරවල කෑම එකට අවධානේ දුන්නා.

" මේ අපේ අළුත් GM සර් වෙන්න ඕනේ. "

" ඔව් මල්ලි. "

" සහස්‍ය සර් මෙච්චර වෙලා සර් ගැන තමා කිය කිය හිටියේ. "

" මෙනුක ඔය කෑම එකට කෙල විසිවෙනවා. කටවහන් වැඩේ කරන්නකෝ. "

" ඒ ළමයා මාස්ක් එකක් දාලනේ ඉන්නේ. "

ටෙරාන් එයාගේ තරහ මෙතන ළමයින්ගේ පිටින් යවනවා කියලා තේරුණු අභිත් මෙනුකගේ පැත්තට කතා කරා. අභිත්ගේ වචන එක්ක ටෙරාන් කටවහ ගනිද්දි Kitchen එකේ හිටිය අනිත් සෙට් එකත් කතාව නවත්තල වැඩ කරන්න ගත්තා.

" ඒව්ව්... පෙරේත බැල්ම. කෑල්ලක් දෙන්නද ?"

ටෙරාන් එක පාරම කෑ ගහද්දි එයා මෙච්චර වෙලා එක දිගට ටෙරාන් දිහා බලන් ඉදලා කියලා තේරුණු අභිත් දෙතුන් පාරක් ඇස් පිල්ලම් ගහලා අහක බලාගත්තා. ටෙරාන් බාගෙට කාල තිබ්බ කෑම එකේ ඉතුරු ටික කන්න අභිත්ට සෑහෙන ආසාවක් ආවා. දෙන්නා එක හැන්දකින් කෑමක් කාලම කොච්චර කල්ද ? අභිත් ටෙරාන් ගාවට කිට්ටු වෙලා ටෙරාන් එයාගේ පැත්තට දික් කරන් ඉන්න කප් එක ගන්න යද්දි ටෙරාන් එක පාරම කප් එකේ තිබ්බ mixture එකම කටට ඔබාගත්තා.

" මෙනුක අපේ GM මහත්තයට අල ගෙඩියකුයි , චීස් කෑල්ලකුයි දාලා දෙන්න. හැබැයි ඉතින් පඩියෙන් කපන්න වෙනවා හොදේ.. "

ඉදන් හිටිය මේසෙන් බිමට පැන්න ටෙරාන් කප් එකයි හැන්දයි හෝදලා තියලා අභිත්ගේ මූණට දත් තිස් දෙකම පේන විදියේ ගොන් හිනාවක් දාලා kitchen එකෙන් එළියට ගියා. ටෙරාන් යන දිහා අභිත් කලකිරීමෙන් වගේ බලන් ඉද්දි මෙනුක අභිත් අතට අල චීස් දාපු කප් එකක් ගෙනල්ලා දුන්නා.

අභිරන් 🌹 | Sinhala BLWhere stories live. Discover now